෴ හරි හරි කෝච් මට හොදටම තේරුනා,,,,෴

Posted by Anuradhax3 on 5:00 PM

ඔබත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්නම් දන්නවා ඇති Emmanuel Eboué
ගැන...ඔව් ඔව් Arsenal එකේ සෙල්ලම් කරන Eboué තමා...


මිනිහා මේ ලගදි..ඒ කිව්වේ FIFA ලෝක කුසලානයේදී පට්ට ආතල් වැඩක් කරානේ..
හික් හික්...පොර සෙල්ලම් කරන්නෙ අයිවරි කෝස්ට් ටීම් එකටනෙ..
මැච් එක තිබ්බෙ කොරියාවත් එක්ක...
මැච් එක පොඩ්ඩකට නවත්තපු වෙලාවක කොරියාවේ කෝච් ප්ලේයර් කෙනෙක්ට එන්න
කියලා උපදෙස් ටිකක් දෙද්දි මෙන්න මේ යකත් එතනට ගිහින්
අරූට කියන ඔක්කම අහගෙන ඉදලා හරි හරි මට තේරුනා කියලා වගේ ෆුල් සීරියස්
විදිහට ඔලුව හොල්ලල ආයෙත් ග්‍රවුන්ඩ් එකට යනවා...

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක...


video


මේකේ උපරිම ෆන් එක ගන්න දෙපාරක් විතර බලන්න ඕනේ..
වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ..

එක්කෝ මේ යකාට කොරියන් භාෂාව පුලුවන් ඇති...
නැත්නම් මූ විහිලුවට එහෙම කරන්න ඇති...
නැත්නම් ඉතින් අඩුම තරමේ ගුලියක්වත් කාලා ඉන්න ඇති...
මොකද ඔයකට්ටිය හිතන්නෙ මේ ගැන?,,
පොඩ්ඩක් හරි හිනා ගියානම්....
අනිවාර්යෙන් මොකද හිතෙන්නෙ කියල කමන්ට් එකක් දාලා යන්න!