෴ මාත් දැන් සින්හල බ්ලොගකරුවෙක් ෴...

Posted by Anuradhax3 on 11:35 PM

ඔන්න මටත් මගේම කියලා බ්ලොග් එකක් කරන්න අශාවක් ඇති උනා..
ඊට පස්සෙ සති ගානක් හොයලා  හිතට ගැලපෙන බ්ලොග් ටෙම්ප්ලේට් එකක් එහෙම අරගෙන
ටෙම්ප්ලේට් එක එහෙම එඩිට් කරා..අම්මට සිරි
එඩිට් කරල ඔක්කම ඉවරවෙලා බලද්දි තමා ටෙම්ප්ලේට් එකේ පට්ට ලෙඩ ගොඩක් තියෙනවා කියලා දැක්කෙ...
මොනා කරන්නද..ආයෙත් ටෙම්ප්ලේට් එකක් අරන් පණ දාගෙන එඩිට් කරා..
මට ඕනේ විදිහට හදාගෙන බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා සින්හල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙතට මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරන්න කියල ඉල්ලීමක් යැව්වා...
සතියක් විතර ගියාම ශාකුන්තල අයියා ඊමේල් එකක් එවල තියෙනවා
"බ්ලොග් අඩවිය කියවිය නොහැකියි." කියලා...
මාර කේස් එකනෙ එතකොටනෙ මට මතක් උනේ මම බ්ලොග් එක හරියටම හදලා නැති හින්දා
Invited Readers Only දාල තිබ්බෙ කියලා..


මම ඉතින් ඒක අයින් කරලා ආයෙත් ඊමේල් එක් යැව්වම ශාකුන්තල අයියා කිව්වා
තව බ්ලොග් පෝස්ට් එකක්-දෙකක් ලියලා නැවත ඉල්ලුම් කරන්න කියලා...
මාත් ඉතින් තව පෝස්ට් එකක් ලියලා නැවත ඉල්ලුම් කරා....
ඔන්න අද මට ඊමේල් එකක් එවල මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරා කියලා....
ආව්..මැක්සා...මට මාර සන්තෝසයි..
ඔන්න ඉතින් සින්හල බ්ලොග් ලියන හා කියවන ඔක්කමලවම මම මගේ බ්ලොග් එකට පිලිගන්නවා..
ඒ වගේම පොඩි ඉල්ලීමකුත් කරනවා...
පුලුවන්කමක් තියෙනවනම් මම ලියපු අනිත් ලිපි දෙකත් පොඩ්ඩක් බලලා හොදයි  නම් කමන්ට් පාරක් දාලා යන්න කියලා ...